පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් ගත් තීරණය.!

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කරයි.

සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළ බවත් පාන් නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 200 ක් දක්වා පහළ ගොස් ඇති බවද ප්‍රීමා සමාගම සදහන් කරයි.

එහෙත් මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ නිසා යළිත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බවද සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close