බෙලිඅත්ත ප්රදේශයේදී අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්රසන්න පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන ඩබල් කැප් චූටි නම් පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් සිටියේය.
ඩබල් කැප් චූටි යන පුද්ගලයා ඉන්දියාවට පලාගොස් සිටියදී ඔහුගේ ගෝලයින් යැයි කියන දෙදෙනකු සමග ඉන්දියාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තිදෙනා බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ඩුබායි සිට මෙහෙයවූ බවට සැලකෙන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ගෝලයින් වේ.