රජයෙන් හිමිවන ප්‍රතිලාභ ගැන අලුත්ම ආරංචිය.!

දිවයින පුරා පවුල් 182,140ක් අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසුව අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සදහන් කරයි.

එම පවුල් සදහා අදාළ හිඟ මුදල් ඇතුළු සියලුම ගෙවීම් අප්‍රේල් මස (18) වැනිදා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සදහන් කරයි.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා පිරිස 1,854,000ක් වන අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට සියලුම සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement