අද (07) දින බේරුවල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සමිත කවිරත්නගේ බිරිද පවත්වාගෙන යන කිරි අලෙවි සැලක් තුලදී පිහි පහරවල් කිහිපයකට ලක්ව රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය සදහන් කරයි.
අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම එම පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන අගල් පහක් පමණ දිගැති ලේ තැවරුන පිහිය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.
එම පහරකැමට ලක්වූ මන්ත්‍රී බිරිය කළුතර ශීක්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය සදහන් කරයි.