ඉන්දියාවෙන් ගෙන්වු බිත්තර නරක් වු ඒවා.. මිලදී ගන්න එපා.!

අසල්වැසි ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ බිත්තර නරක් වී තිබිය හැකි බැවින් ඒවා ආහාරයට නොගන්නා ලෙසද සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ උපදේශක මාතලී ජයසේකර සදහන් කරයි.

එම ගෙන්වන ලද බිත්තර වල මුද්‍රාවක් ගසා ඇති හෙයින් එය හඳුනාගැනීමට පහසු බවත් සාමාන්‍ය වෙළඳපොලේ මෙම බිත්තර විකිණීමට තිබුනහොත් ඒවා මිලට නොගන්නා ලෙසද සංගමයේ උපදේශක මාතලී ජයසේකර සදහන් කරයි.

බිත්තර බොහෝ දුරට නරක් වූ බිත්තර විය හැකි බවත් ශීතකරණවල ගබඩා කර තිබූ එම බිත්තර ඉන් එළියට ගත් පසු නරක් වීම ආරම්භ වන බවද සංගමයේ උපදේශක මාතලී ජයසේකර සදහන් කරයි.

වෙළඳපොලේ සාමාන්‍ය උෂ්ණත්වයේ එම බිත්තර පැවතුණහොත් ඒවා නරක් වන බවත් ආනයනික බිත්තර භාවිතයට ගන්නා අවස්ථාව තෙක්ම තැබිය යුත්තේ ශීතකරණ වල බවද මාතලී ජයසේකර තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close