ඉදිරියේදී බිත්තර මිල තවදුරටත් අඩු කිරීමට හැකිවනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සදහන් කරයි.
රටේ සත්ත්ව ආහාර සඳහා අය කරන වැට් එක අයින් කළොත් එක් බිත්තරයකින් රුපියල් 6ක් අඩු කිරීමට හැකි බවද සභාපති අජිත් ගුණසේකර සදහන් කරයි.
සභාපති අජිත් ගුණසේකර තවදුරටත් සදහන් කළේ,
“සත්ත්ව ආහාර සඳහා අය කරන වැට් එක අයින් කළොත් බිත්තරයකින් රුපියල් 6ක් අඩු කරන්න පුළුවන්. එහෙම වුණොත් බිත්තර ආනයනය කිරීම කරන්න ඕනේ නැහැ. මොකද දේශීය බිත්තර රුපියල් 06කින් අඩු වෙනවා.”