බිත්තර අද ඉදන් මිල අඩු කරනවා.. හැබැයි දෙන්නේ කිරලා.!

දේශිය බිත්තර විකිණීම සම්බන්ධයෙන් තීරණයක් ගත් බවත් බිත්තර කිලෝ ගණනට විකිණීමට තීරණය කර ඇති බවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති සරත් රත්නායක සදහන් කරයි.

බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවත් අද (04) දින සිට පළමුවෙන් මධ්‍යම පළාතේදී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බවද සභාපති සරත් රත්නායක සදහන් කරයි.

සභාපති සරත් රත්නායක ඊයේ දින සදහන් කළේ,

“අපි තීරණයක් ගත්තා හෙට ඉඳලා බිත්තර කිලෝ ගානට විකුණන්න. ඉන්දීයන් බිත්තරේ ගන්න පුළුවන් නම් බේකරි හිමියන්ට ග්‍රෑම් එකක් ශත 85 ගානේ හෙට ඉඳලා අපි දෙනවා ග්‍රෑම් එකක් ශත 80 ගානේ.

පාරිභෝගිකයින්ට කිසිදු ප්‍රශ්ණයක් නෑ. කේක් එකකට ඉන්දියන් බිත්තර 10ක් ඕනේ නම් අපේ බිත්තර දාන්න ඕනේ 6ක් හෝ 7ක්. මධ්‍යම පළාතෙන් අපි මේක පටන් ගන්නවා. ශත 80 ගානේ කිරලා මේ බිත්තර විකුණනවා.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close