බිත්තරේට උපරිම සිල්ලර මිලක්.!

අද (20) දිනයේ සිට බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇති අතර ඊට අදාළ ගැසට් පත්‍රයද ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව සුදු බිත්තර කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 880ක් හා දුඹුරු බිත්තර කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 920ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

පසුගිය ජනවාරි මස 20 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සුදු බිත්තරයක් රුපියල් 44ක් සහ දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කළේය.

බර අනුව බිත්තර විකිණීමේදී වැඩි මිලට විකුණු වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගන්නා බවද තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close