සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ජනතාවට දැනුම්දීමක්.!

බෝ නොවන රෝග වලින් මිදීම සඳහා ශාරීරික ක්‍රියාශීලීභාවය ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් මාධ්‍ය හමුවකදී සදහන් කළාය.

ක්‍රියාශීලී මාසය ලෙස අප්‍රේල් මාසය නම් කර ඇති බවත් අප්‍රේල් මාසය තුළ ශාරීරික ක්‍රියාශීලීභාවය වැඩිකර ගැනීම සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

මෙම මාසයෙහි අරමුණ වනුයේ ශාරීරික ක්‍රියාශීලීත්වය පිළිබඳව සියලුදෙනා දැනුවත් කිරීම බවත් එමගින් අකල් මරණ වලින් ආරක්ෂා වීම, දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවධානම අඩුවන බවද ඇය සදහන් කළාය.

තවද විශේෂයෙන්ම රැකියා ස්ථානවල, පාසල් වල සහ ජනතාව අතරට මෙම පණිවිඩය රැගෙන යාමට තවත් වැඩසටහන් සංවිධානය කර ඇති බවත් සෑම වසරකම මෙය සිදුකරන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close