ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික නවතම සැලැස්ම ප්‍රකාශයට පත් කර ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත බිම් බෝම්බ ඉවත් කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වේ.
ඒ අනුව එළඹෙන 2027 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ වලින් තොර නිදහස් රටක් බවට පත් කිරීමට සැලසුම් සකස් කර ඇත.
