නීතිවිරෝධී ලෙස ප්රංශයට ඇතුල්වීමට ගිය පුද්ගලයින් 46 දෙනෙකු ප්රංශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳව ශ්රී ලංකාවේ නාවික හමුදාවට දැනුම් දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම් දීමට ප්රංශ බලධාරීන් කටයුතු කර ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, මීගමුව ප්රදේශයන්හි පදංචි පුද්ගලයින් 46 දෙනෙකු බවද සදහන් කරයි.
ප්රංශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙම ලාංකිකයන් ගුවන් මගින් නැවතත් ශ්රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.
බහුදින ධීවර යාත්රාවක් මඟින් නීති විරෝධීව සංක්රමණය වීමට උත්සාහ ගැනීමේදී එම යාත්රාව් කාර්ය මණ්ඩලය සමගින් එරට ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.