බ්‍රසීල ජනාධිපති ඉන්සියෝ ලුලා ද සිල්වා විසින් බ්‍රසීල හමුදාපති ජෙනරාල් ජුලියෝ සීසාද අරූඩා ධුරයෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදාපති ඉවත් කිරීම සිදු වූයේ, ජනාධිපති මන්දිරයට, ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී හමුදා මූලස්ථානය ඉදිරිපිට කඳවුරක නවාතැන් ගෙන සිටි හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ කැරලිකරුවන් ආරක්ෂා කිරීමට ඔහු උත්සාහ කළ නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදාපති ජෙනරාල් ජුලියෝ සීසාද අරුඩා සේවයෙන් පහ කිරීමේ නියෝගය ආරක්ෂක අමාත්‍ය ජොසේ මියුසියෝ විසින් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිටපු ජනපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් ලෙස හැඳින්වෙන බොල්සොනාරිස්ටාස් විසින් ප්‍රහාර එල්ල කළ දිනයේ ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට සම්බන්ධ වූ අවම වශයෙන් තවත් හමුදා සාමාජිකයින් 40 දෙනෙකු පරිපාලනය දැනටමත් සේවයෙන් පහ කර ඇත.
බ්‍රසීලයේ නව යුද හමුදාපතිවරයා ලෙස ජෙනරාල් තෝමස් මිගෙල් රිබෙයිරෝ පත්කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
-අනුරාධ වාසල