බ්‍රසීල අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති යිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇති අතර එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී ඇත.
නගර ආරක්ෂකයන්ට ආධාරකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම මත ජනාධිපති ලූලා ද සිල්වා ජනවාරි මස 31 දක්වා තත්ත්වය පාලනය කර ගැනීමට ෆෙඩරල් ආරක්ෂක මැදිහත් වීමක් ප්‍රකාශයට පත් කරයි.
බ්‍රසීල ඉතිහාසයේ මින් පෙර කිසිම දිනක සිදු නොවූ ක්‍රියාවක් සිදු කළ බවත් මෙයට සම්බන්ධ වූ සියලු දෙනා සොයාගෙන දඬුවම් කරන බවද ජනාධිපති ලූලා ද සිල්වා එම මාධ්‍ය හමුවේදී සදහන් කර ඇත.
එය “ෆැසිස්ට්” ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.