මිනිස් ජීවිත අනතුරේ.. විෂ පෙණවලින් ගංගාව වැසී යයි.!

ටියෙට් ගංගාව සාවෝ පාවුලෝ හි දූෂිතම ගංගාව ලෙස වාර්තා අතරට එක් වී ඇති බවත් මේ වනවිට ගංගාව විෂ සහිත පෙණවලින් වැසී ගොස් ඇති බවද බ්‍රසීල පරිසරවේදීන් සදහන් කරයි.

ගංගාව ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් බවත් විෂ සහිත පෙණවලින් වැසී ඇති නිසා ගංගාව ආශ්‍රිත ප්‍රදේශ දැඩි දුඟදක් හමා එන බවද බ්‍රසීල ජනතාව සදහන් කරයි.

මේ හේතුවෙන් බ්‍රසීලයේ වැඩිම ජනතාවක් සිටින නගරයක් වන සාවෝ පාවුලෝ හි ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවත් ගංගාවේ ජලජ ජීවීන් රැසක් මියගොස් ඇති බවද පරිසරවේදීන් සදහන් කරයි.

එම විෂ සහිත පෙණ හේතුවෙන් ධීවර ප්‍රජාවට ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති අතර කර්මාන්ත ආයතන මඟින් හොර රහසේ ගංගාවට බැහැර කරන රසායනික ද්‍රව්‍ය මෙම අහිතකර තත්ත්වයට හේතු වී ඇති බවද පරිසරවේදීන් සදහන් කරයි.

ගංගාවේ ජලය සමග හයිඩ්‍රජන් සල්ෆයිඩ් මිශ්‍ර වීමෙන් පරිසරයටද අහිතකර බැක්ටීරියා විශාල ප්‍රමාණයක් අඩංගු වී ඇති නිසා නගර වැසියන්ගේ සෞඛ්‍යයට දැඩි අවදානමක් එල්ල වී ඇති බවද සදහන් කරයි.

Loading

RSS