බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙරට උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මානෙල්වත්ත නගානන්ද විහාරස්ථානයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් පැවසීය.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ රටේ ඇතිවී තිබෙනා ආර්ථික අර්බුදය ඊට ප්‍රධාන ලෙස බලපෑම් ඇතිකර ඇති බවයි.
“රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේලා එහි තීරණාත්මක ගොදුරක් බවට පත්වෙලා තියෙනවා,
මේ විදියට උපවැදි වීමට ප්‍රධාන හේතු සාධකයක් තමයි රටේ ආර්ථිකය, අමාත්‍යාංශය මැදිහත් වීමෙන් මේ ගැටලුවට උත්තර හොයන්න ඕනෑ, මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවේ”