මිනුවන්ගොඩෙ ප්‍රදේශයෙන් පතුරොම් ගබඩාවක් සොයාගනී.!

ඊයේ (09) යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් ගිනි අවි සඳහා යොදන පතරොම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී T-56 ගිනි අවි පතරොම් මැගසින් 2ක්, පිස්තෝල පතරොම් මැගසින් 2ක්, T-56 ජීව පතරොම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතරොම් 02ක් අත්අඩංගුවට ගෙන් ඇත.

පොලිස් මූලික විමර්ශනවලදී තහවුරු කරගත් තොරතුරු අනුව මෙම පතරොම් සහ පතරොම් ගැබ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම සැකකරුට ලබා දී ඇති බව පොලීසිය සැක කරයි.

පොලිස් මූලස්ථානය විසින් මේ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close