බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.. විශාල පිරිසක් රෝහලේ.!

අද (18) දින කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වු පෞද්ගලික බස් රථයේ අධික වේගයත් අපරික්ෂාකාරි ලෙස තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පළ කරයි.

බිහිසුණු අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් කෑගල්ල මහ රෝහලට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close