බස් අනතුරින් 11 මරුට.. 35ක් රෝහලේ.!

අද (09) රාත්‍රියේ කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී ඇත.

එම ජලය ගලා බසින ඇළට පෙරළීම නිසා මේ වනවිට 11 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇති බවත් අනාරක්ෂිත පාලමක් වූ මෙම පාලම මතින් බසය ධාවනය වෙද්දී පාලමෙන් පල්ලට බසය පෙරළී ඇති බවද පොලීසිය සදහන් කරයි.

අනතුරට ලක් වූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බවත් තුවාල කරුවන් රෝහලට රැගෙන යන බවත් මිය ගිය පිරිස අතර එක් කාන්තාවක් සිටින බවද පොලීසිය සදහන් කරයි.


Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close