නුවරඑළියේ බස් රථයක් පෙරළී 37ක් රෝහලේ.. දෙදෙනෙකුට අසාධ්‍යයි.!

අද උදෑසන (11) නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ දී බස් රථයක් ආරක්ෂිත වැටක ගැටී පෙරළී යාමෙන් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විනෝද චාරිකාවක් අතරතුර දී එම බස් රථය අනතුර ට ලක්ව ඇති බව පැවසේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50කට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බව පැවසෙන අතර අනතුරින් කුඩා දරුවන් කිහිපදෙනෙක්ද තුවාල ලබා ඇත.

බස් රථය මාර්ගයේ ලිස්සා යෑමෙන් පසු ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close