අධිවේගී බස් රථයක් ගිනිගැනීමෙන් 26ක් මියයයි.!

අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම බස් රථයේ පුද්ගලයින් 33 දෙනෙකු ගමන් කර ඇති බවත් බස් රථය අද (01) අළුයම මෙලෙස ගිනිගෙන ඇති බවත් බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයේ ටයරය පුපුරා යාමෙන් පසු බස් රථය කණුවක ගැටී ඇති බවත් අනතුරුව බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Loading

RSS