බස් ගාස්තු සම්බන්ධයෙන් ගත් තීරණය.!

යළිත් වතාවක් අද (01) දිනයේ සිට ඩීසල් මිල ගණන් ඉහළ ගියද බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කරයි.

මෙවර බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළද ඉදිරියේදී යළිත් වතාවක් ඩීසල් මිල ඉහළ දැමුවොත් බස් ගාස්තු වැඩි කරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කරයි.

බස් හිමියන් සහ ගමනාගමන කොමිෂන් සභාව එළඹී ඇති එකගතාවන්ට අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු වැඩි කිරීමක් ⁣සිදුකළ නොහැකි බවද බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close