රටේ ඩොලර් නැති නිසා ලක්ෂපාන විදුලි බලාගාරය විකිණීමට ආණ්ඩුව සැලසුම් කර තිබු බව විදුලි වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් සදහන් කරයි.
තවද ආණ්ඩුව විසින් නොරොච්චෝලේ තාප බලාගාරය චීනයට ලබා දීමට සැලසුම් කර ඇති බවද වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් සදහන් කරයි.
චින ණය අරගෙන නොරොච්චෝල බලාගාරය සැදු බවත් දැන් එය චීනයට ලබාදීමට සුදානම් බවද රන්ජන් ජයලාල් සදහන් කරයි.
මහවැලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ සැලසුමක් ක්රියාත්මක බවද විදුලි වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් තවදුරටත් සදහන් කරයි.