ක්ලබ් වසන්තගේ ඝාතනය පසුපස ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.. කෝටි 70ක ගණුදෙනුවක්.!

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට හේතුව කෝටි හැත්තෑවක මුදල් ආරවුලක් මත සිදුකළ ඝාතනයක් යැයි පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව ඇත.

ප්‍රසිද්ධ පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් සහ ක්ලබ් වසන්ත අතර මෙම ආරවුල කලක පටන් පැවති ඇති බවත් අදාළ ගනුදෙනුව ඩුබායි රාජ්‍යයේ සිටියදී සිදුව ඇති බව වාර්තා වේ.

එහෙත් මාකඳුරේ මදුෂ් සහ කන්ජිපානි ඉම්රාන් ඉතා සමීප මිතුරන් වන අතර මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ දැනට ප්‍රංශයේ දේශපාලන රැකවරණ මත සිටින කන්ජිපානි ඉම්රාන් විසින් බව පොලිසිය සැක කරයි.

ක්ලබ් වසන්තට ඊයේ දිනයේදී ආයතනය විවෘත කිරීමේ ආරාධනා පත ලබාදී ඇත්තේ දකුණු පළාතේ ධනවත් ව්‍යාපාරිකයකු හරහා බවද පොලිසිය සොයාගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close