නිලධාරීන් ගෙදර යවා පසුගිය රජයේ ව්‍යාපෘතිය කිහිපයක් අවලංගු කරයි.!

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ඒ අනුව පසුගිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය, ජාතික ජන සභා ලේකම් කාර්යාලය, කෘෂි කර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මකවීම අත්හිටුවා ඇත.

ඒ සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදුන් බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ජාතික ජන සභා ලේකම් කාර්යාලය සහ වැඩසටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින් ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් නිලධාරින්ගේ, උපදේශකයින්ගේ සේවය සැප්තැම්බර් (30) වනදා සිට අවසන් කිරීමට පියවර ගෙන ඇත.

Loading