භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත් ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇතැයිද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,
“ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව. ආර්ථිකය 2022 හැකිලීම කරණකොට ගෙන බදු මගින් රැස්කර ගත හැකි ආදායම් ප්‍රමාණය වර්ෂය මුල විශාල ලෙස අඩුවෙලා තියෙනවා.
ඒ නිසා ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල රජයට බදුවලින් ලැබෙන ආදායම විශාල ලෙස පහත ගියත් අත්‍යවශ්‍යයෙන්ම ගෙවිය යුතු වියදම් දැරීමට සිදුවෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී, වෙනත් සුබ සාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නෑ.
ඒ නිසා ප්‍රධාන ගැටලුව ලෙස මුහුණදී සිටින්නේ සෑම මසකම අග රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දී. ඒ බිල සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තමයි ප්‍රමුඛතාවය ලබාදෙන්නේ. ඒ ප්‍රමුඛතාවය ලබාදීමෙන් පසු ඇතිවෙන අත්‍යවශ්‍ය සුබ සාධන පිරිවැය දරන්නවත් ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා.
මේ වර්ෂය පුරාවට මේ ආදායම් ගැටලුව පවතින නිසාත් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා සියලූම අමාත්‍යාංශවල අයවැය ලේඛනයෙන් වෙන්කළ මුදල්වලින් සියයට 5ක් කපා හරින්න.”