එළඹෙන පෙබරවාරි මස තුල කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන අතර එහිදී ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජේෂ්ඨයින් රැසකට නව කැබිනට් අමාත්‍ය ධුර හිමි වනු ඇත.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වජිර අබේවර්ධනට සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායකට නව කැබිනට් තනතුරු හිමි වනු ඇති බව වාර්තා වේ.
තවද පොදුජන පෙරමුණේ එස්.එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, සී.බී රත්නායක යන පිරිසට නව අමාත්‍ය ධුර හිමි විමට නියමිතව ඇත.