By unusuma.lk on
(LK time)කැනඩාවේ භූමියේදී සීක් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින ආරවුල තවදුරටත් උත්සන්න වනවිට ඉන්දියාව සහ කැනඩාව රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ඔවුන්ගේ ඉහළ නියෝජිතයන් නෙරපා හැර ඇත.
හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය ඒජන්තයින් සෘජුවම සම්බන්ධ බවට පොලිසිය විශ්වාසදායක චෝදනා ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමෙන් පසුව තම රජය ප්‍රතිචාර දැක්වූ බව කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ සදහන් කරයි.
ඉන්දියාව කැනඩාවෙන් එහි රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය දුසිම් ගනනක් ඉවත් කර ගන්නා ලෙස සහ වීසා සේවා අත්හිටුවන ලෙස ඉල්ලා සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළුව උග්‍රවීමත් සමග කැනඩාවේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ආරක්ෂාව වැදගත් බව ඉන්දියාව සදහන් කරයි.
ඉන්දියාව සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර කැනඩාව සිය ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් සපයා නැති බැවින් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එරෙහිව වැඩිවන ප්‍රචණ්ඩ තර්ජන හේතුවෙන් ආපසු කැදවීමට තීරණය කර ඇත.
ඒ අනුව ඉන්දීය රජය කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සංජේ කුමාර් වර්මා සහ අනෙකුත් ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයින් ආපසු කැඳවීමට තීරණය කර ඇත.