නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද (26) දින පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.
කංසා වගා කිරීම ළඟදීම අත්හදා බැලීම ආරම්භ කරන බවත් එම වගාව සඳහා අවශ්‍ය කලාපයක් තෝරාගෙන වැඩකටයුතු ආරම්භ කිරීමට සුදානම් බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කරයි.
රටට විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන ආයෝජකයන් කිහිපදෙනෙකු සමග මෙම වගා කිරීම ආරම්භ කිරීමටත් රටට ආදායමක් ලෙස ඔවුන් කංසා වගාවෙන් අවම නිෂ්පාදනයන් සැකසිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
ඔවුන් සමග එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් නීති සකස් කිරීම සඳහා එය සිදුකරන ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් අවශ්‍ය බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.