ලෝකයේ නපුරුම කුරුල්ලන් තිදෙනෙක් ලංකාවට.!

“ද්විත්ව කරමල් කැසොවරි ” (Double Wattled Cassowary) කුරුල්ලන් තිදෙනකු තායිලන්තයේ සිට ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානය සදහා කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇත.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එම කුරුල්ලන් එවා ඇති අතර එය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වේ.

මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් 02ක් සහ එක් කැසොවරි කිරිල්ලියක් තායිලන්තයේ සිට මෙරටට ලැබුණු අතර ඉතාම වර්ණවත් මෙම කුරුල්ලන්ට අහසේ පියාඹිය නොහැකිය.

එම කුරුල්ලන් අඩි 05 ක් පමණ උසට වැඩෙන අතර කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන බවත් එම කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන බවත් ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් වන බවද සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS