Main news (Sinhala)

EPF සහ ETF ගැන තීරණයක්.!

EPF සහ ETF ගැන තීරණයක්.!

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කළේ, රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත (EPF/ETF) ගෙවීම් සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බවයි.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ අධිභාරයන් සමග රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිත බවත් වැවිල ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇරැඹිය යුත්තේ කම්කරු ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා කරමින් බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

ගෝඨාගේ කලු, සුදු කිරීමක් සම්බන්ධයෙන් පියුමි හංසමාලිට චෝදනාවක්.!

ගෝඨාගේ කලු, සුදු කිරීමක් සම්බන්ධයෙන් පියුමි හංසමාලිට චෝදනාවක්.!

ගෝඨාභය රාජපක්ෂ විසින් භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථ නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (17) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ළඟ එන මැතිවරණයක් හේතුවෙන් දේශපාලඥයන් විසින් තමන් සතු කළු සල්ලි ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට පොම්ප කිරීමට නැඹුරු වන බවත්, මුදල් විශුද්ධිකරණයේ යෙදෙන පුද්ගලයන්ට එය හොඳ කාලයක් වී ඇති බවත් සංජය මහවත්ත පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ විසින් භාවිත කළCBH 1949 ලියාපදිංචි අංකය දරණ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාල් ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව සැකයක් පවතින බව ඔහු පවසයි.

එබැවින් ගෝඨාගේ කළු සල්ලි මුදල් විශුද්ධිකරණය සඳහා පියුමි හංසමාලි යොදා ගන්නා බවට සැක මතුවන බවද ඔහු චෝදනා කරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රෑපලාවන්‍ය අලෙවියේ යෙදී සිටින ඇය මේ වනවිට සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන බවත්, එමෙන්ම රෑපලාවන්‍ය අලෙවියෙන් ජීවිකාව ගෙනයන කිහිප දෙනෙකු තමන් දන්නා බවත් ඔවුන්ගේ ජීවන රටාව හා සැසඳීමේදි ඇය සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන බවත් මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Loading

රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ කරුණු මෙන්න.!

රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ කරුණු මෙන්න.!

කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලකගේ මූකිකත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණි.

පාලිත ත්වරප්පෙරුම හිටපු අමාත්‍ය වරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානයේදී ඊයේ (16) කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණි.

හිටපු රාජ්‍ය අඅමාත්‍යවරයාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර කොටස් වලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ විසින් කළුතර ශීක්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනාගන්නා ලදි. 

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අමාත්‍යවරයාට විදුලි සැර වැදුනු ස්ථානය නිරීක්‍ෂණය කළ අතර, මතුගම අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින්ද ස්ථානීය පරීක්ෂණයක් සිදු කළේය.

මරණ පරීක්ෂණයෙන් පසු පස්වරු 3.30 ට පමණ මෘත දේහය හිටපු බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබීය.

Loading

සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්.!

සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්.!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023/2024 පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙන අතර පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවද සදහන් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන (06) වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර (15) වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට පත්වේ.!

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට පත්වේ.!

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි, තම නිවසේදී විදුලි පරිපථයක් අලුත්වැඩියා කරමින් සිටියදී විදුලි සැර වැදීමෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි, මේ වනවිට දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.
 

Loading

අවුරුදු ගීතය විකෘති කළ පුද්ගලයින්ට වැඩ වරදී.!

අවුරුදු ගීතය විකෘති කළ පුද්ගලයින්ට වැඩ වරදී.!

ප්‍රවීන ගායන ශිල්පි රෝහණ බැද්දගේ විසින් ගායනා කරන අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සදහන් කරයි.

අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ අවුරුදු ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරයි.

Loading

ලෝකෙටම නැතත් අපට ලොකු ලූනු දෙන අසල්වැසියා.!

ලෝකෙටම නැතත් අපට ලොකු ලූනු දෙන අසල්වැසියා.!

ශ්‍රී ලංකා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියානු රජය විසින් පනවා තිබූ තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇති බවයි.

ඒ අනුව ඉන්දීය අපනයනකරුවන් සඳහා ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා ශ්‍රී ලංකාව වෙත අපනයනය කිරීමට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

Loading

ශ්‍රී ලංකා පොලීසිය අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට ජාත්‍යන්තර වශයෙන් තහවුරු වේ..!

ශ්‍රී ලංකා පොලීසිය අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට ජාත්‍යන්තර වශයෙන් තහවුරු වේ..!

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් එළිදක්වා ඇති වාර්තාවකින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විරෝධතා පාලනය කිරීමේ දී පොලිසිය කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි.

2022 වසරේ මාර්තු සිට 2023 වසරේ ජුනි මාසය දක්වා වූ කාලය අතරතුර මෙරයට විරෝධතා 30ක් පවත්වා ඇති අතර ඉන් 17ක් පොලිසිය විසින් ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවන පරිදි මර්දනය කර ඇති බව මෙම වාර්තාව මගින් වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන් නොසලකා හරිමින්, පොලිසිය විසින් විරෝධතාකරුවන්ගේ පිටුපස සිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා කඳුළු ගෑස් භාවිත කිරීමේ දී ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර අනුගමනය නොකරමින් පොලීසිය දිගින් දිගටම පාසල් අසල සහ ‍පැහැදිලි පිටවීමක් ‍‍නොමැති ප්‍රදේශවලට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඒ මඟින් දරුවන් සහ අවට සිටි සිවිල් ජනතාව නිකරුණේ රසායනික ද්‍රව්‍යවල බලපෑමට නිරාවරණය වූ බව, මෙම වාර්තාවෙන් පෙන්වා තී තිබේ.

මෙරට නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වගකීම් පැවැරී ඇති ආයතන සහ නිලධාරීන් ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා මර්දනය කරමින් මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙරට පැවති සිවිල් යුද්ධය අතරතුරදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් 2017 වසරේ සිට අඛණ්ඩව සාමකාමී විරෝධතා වලට එරෙහිව උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් නිරන්තරයෙන් සිදු කළ සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව ද අදාළ වාර්තාවෙන් අනාවරණ කර තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා ආයතන පෙන්වා දෙන්නේ, උතුරේ සන්නද්ධ අරගලය යුදමය වශයෙන් අවසන් වී වසර 15ක් නික්ම යෑමෙන් පසුත් එම පළාත් දැඩි ලෙස හමුදාකරණය වී පවතින බවයි.

මුලතිව් දිස්ත්‍රික්කය ලොව වැඩියෙන්ම හමුදාකරණය වූ ප්‍රදේශවලින් එකක් බවට පත්ව ඇති බව එම වාර්තාව මඟින් අනාවරණ කර ඇති අතර මුලතිව් හි පමණක් 60,000ක් පමණ හමුදා භට පිරිසක් ඉතිරිව සිටින බවත් ඒ අනුව එම ප්‍රදේශයේ සෑම සිවිල් වැසියන් දෙදෙනකු සඳහාම එක් සොල්දාදුවකු යොදවා ඇති බවත් වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දේ.

විරෝධතා පාලනයට හමුදාව යෙදවීම සම්මතය නොවන බව පෙන්වා දෙන වාර්තාව, එසේ තිබියදීත්, රටේ දකුණේ විරෝධතා කිහිපයකදීම විරෝධතා මර්දනයට හමුදා නිලධාරීන් යෙදවීම දක්නට ලැබුණු බව පෙන්වා දෙන අතර එම වාර්තාව මඟින් මාන්ව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති යන සියලු දෙනාටම මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.

වධහිංසා පැමිණවීම හෝ වෙනත් කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විශ්වසනීය චෝදනා සියල්ල සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශනයක් සිදු කර සාධාරණ නඩු විභාගයකින් අනතුරුව වගකිවයුතු සියලු නිලධාරීන් හට ජ්‍යෙෂ්ටත්වය නොසළකා දඬුවම් පැමිණවීම (මරණ දණ්ඩනයට ලක් නොකර) සහතික කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නීතිපතිවරයාට නිර්දේශ කරනු ලබනවා. 

එමෙන් ම සාමකාමීව රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රියාකිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් යොමු කිරීමට, තමන් සතු සියලුම ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ කලාපීය ඉඩ ප්‍රස්ථා භාවිතා කරන මෙන් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයන්හි නියැලී සිටිනආණ්ඩු ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඉල්ලා සිටිනවා.

Loading

ඩෙංගු රෝගීන් විසිඑක්දහස ඉක්මවයි සෞඛ්‍ය අංශ වෙතින් ‍රතු එළියක්.!

ඩෙංගු රෝගීන් විසිඑක්දහස ඉක්මවයි සෞඛ්‍ය අංශ වෙතින් ‍රතු එළියක්.!

2024 වසරේ මේ වනවිට වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට වසංගත රෝග විද්‍යා අංශය අනුමාන කරයි.

පසුගිය වසරවලට සාපේක්ෂව 2024 වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බවත්, මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය මාර්තු මාසය වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පසුගිය දා පැවසීය.

ඩෙංගු වසංගතය පැතිර යාම අවම කිරීම සඳහා නිවෙස් අවට වට පිටාව පිරිසිදුව තබ ගන්නා ලෙසත්, මදුරු කීටයින් බොවන ස්ථාන විනාශ කරන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් ජනතාව වෙත දැනුම් දී තිබේ.

Loading

ජනතාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.!

ජනතාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවයි.

එනිසා වැඩිපුර ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථාන වල හැකි පමණ විවේක ගන්නා ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ගැන අවදානයෙන් සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close