Sports news (Sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක්.!

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයේදී වාර්තාගත ජයක් සනිටුහන් කළ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට එම මුදල් ලැබෙන ආකාරයට මුදල් ත්‍යාගය ලබාදීමට සැලසුම් කර ඇති බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් මේ වන විට විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් සඳහන්. 

තරඟයේදී දැක්වූ දක්ෂතා අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු වෙත දුරකථන ඇමතුමක්ද ලබා දී ඇති බව සඳහන්.

Loading

IPL ඉතිහාසයට නව ලෝක වාර්තාවක්.!

IPL ඉතිහාසයට නව ලෝක වාර්තාවක්.!

අද තරඟයේදී හයිද්‍රාබාද් කණ්ඩායම විසින් IPL ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කිරීමේ වාර්තාව යළි අලුත් කිරීමට සමත්විය.

ඒ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර IPL තරගාවලියේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 277ක් ‍රැස්කරමින් තැබූ වාර්තාව සුනු විසුණු කරමින්.

ඒ අනුව රෝයල් චැලේන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 287ක් රැස්කරගනිමින් එම වාර්තාව අලුත් කරන ලදී.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භය ශක්තිමත් කිරීමට Travis Head සහ Abhishek Sharma 
සමත්විය.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ Travis Head පන්දු 41ක් තුල හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමඟිම් ලකුණු 102ක් රැස් කළේය.

පන්දු 31කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 67ක් රැස්කර ගැනීමට Heinrich Klaasenට හැකිවිය.

අවසානයේ පිටියට පිවිසි Abdul Samad, හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දු 10කදී වේගවත් ලකුණු 37ක් ‍එක් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟිනි.

Loading

මුම්බායින් අනාථ කළ මතීෂගේ පන්දු යැවීම.!

මුම්බායින් අනාථ කළ මතීෂගේ පන්දු යැවීම.!

IPL ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (14) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

එහිදී සුපිරි පන්දුයැවීමක් සිදුකල මතීෂ පතිරණ ලකුණු 28ක් තුල කඩුලු 4ක් බිඳ හෙලමින් තරඟයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට වාසනාවන්ත විය..

මුලින් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අදාළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 206ක් හිමි කරගත්හ.

එහිදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කල ශිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වුයේ ලකුණු 186ක් පමණයි ඒ කඩුලු 6ක් දැවී ගොස් තිබූ අවස්ථාවකදීය.

කෙසේවෙතත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකල රෝහිත් ශර්මා නොදැවී ලකුණු 105ක් ලබාගත්තේය.

Loading

ආසියාවේ ශුරයා ලෝකය හොල්ලයි.!

ආසියාවේ ශුරයා ලෝකය හොල්ලයි.!

ඉතාලියේ පැවති ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් 2024 තරගාවලියේ මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්ව ඇත.

එම ඉසව්වට එක්වූ යුපුන් අබේකෝන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත.

වේගවත්ම කාලය වාර්තා කළ යුපුන් අබේකෝන් මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියයි.

මීටර් 100, 200 සහ 150 ඉසව් තුනේම ශ්‍රී ලංකා වාර්තා වලට යුපුන් අබේකෝන් හිමිකම් කියන අතර ඔහු ආබාධයකට ලක්ව පසුගිය වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.

මීටර 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් නිමා කළ පළමු සහ එකම දකුණු ආසියාවේ ක්‍රීඩකයා යුපුන් වන අතර පැරිස් ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වීමට නියමිත බැවින් සුපුරුදු දස්කම් අතරට ඔහු පැමිණීම ශ්‍රී ලංකාවට සුබ ආරංචියකි.

Loading

ආසියාවම නියෝජනය කරමින් මාලගමුව ලෝකයෙන්ම දෙවැනි තැනට.!

ආසියාවම නියෝජනය කරමින් මාලගමුව ලෝකයෙන්ම දෙවැනි තැනට.!

යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලිය ඉකුත් 05, 06, සහ 07 යන දිනවල පැවතියේ ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් ප්‍රංශයේ Paul Ricard ධාවන පථයේදීය.

ශ්‍රීලාංකීය ධාවන ශූර ඩිලන්ත මාලගමුව එහිදී AM කාණ්ඩයේ දෙවැනි ස්ථානය අත්කරගනිමින් තම සුපුරුදු දස්කම ලොව ඉදිරියේ නැවත වතාවක් ප්‍රදර්ශනය කළේය.

මෙහි සුවිශේෂී කාරණාව වනුයේ මෙම තරඟාවලියට ඩිලන්ත මාලගමුව මෙවර සහභාගී වූයේ ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ආසියාවම නියෝජනය කරමින් වීමයි.

මව්බිමට පැමිණිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඩිලන්ත මාළගමුව පැවසුවේ මෙම වසරේ තවත් මෝටර් රථ ධාවන තරග 10ක් යුරෝපය ඇතුලු රටවල් රැසක පැවැත්වීමට නියමිත බවත් ඒවාට හොදින් පුහුණු වී තරග කර ලෝක ශූරතාවය දිනා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත්ය.

Loading

වනිඳුට අහිමි IPL.!

වනිඳුට අහිමි IPL.!

මෙරට ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ආබාධයක් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකරන බවයි.

වනිඳුගේ වම් පාදයේ වළලුකර පආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වය සුව කර ගැනීම සදහා ඔහුට ව්‍යායාම කටයුතුවල යෙදීමට සහ විවේකීව කාලය ගත කිරීමට සිදු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටින්නේ.

ඒ හේතුවෙන් Sunrisers Hyderabad කණ්ඩායමට වනිදු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු සංචිතයට ඇතුලත් කිරීමට සිදුවනු ඇති.

මීට දින කිහිපයට පෙර වනිඳු හසරංග වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති අතර එහි දින තුනක පමණ කාලයක් ඔහු රැදී සිටිමින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියට සහභාගී නොවී විවේක ගන්නා ලෙසට බවද වාර්තා වේ.

Loading

විස්සයි විස්සට දහයක් සපිරෙයි.!

විස්සයි විස්සට දහයක් සපිරෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රණය කර අදට (06) වසර 10ක් සම්පූර්ණ වේ.

ලසිත් මාලිංගගේ නායකත්වය ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම කාගේත් අවධානය දිනා ගත් මෙම අවසන් මහා තරගය ඉන්දියාවට එරෙහිව පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංණයේදීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 130ක් රැස් කරගත්තේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීය.

ශක්තිමත් පිතිකරන බලඇණියකින් සමන්විත වූ ඉන්දීය කණ්ඩායම මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිසි අයුරින් පාලනය කළ නමුත් ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර අවසන් පන්දුවාර කිහිපයේදී යොමු කළ යෝකර් පන්දු හමුවේ ඉන්දීය පිතිකරුවන්ගේ දස්කම් සීමා විය.

පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක ගත ලකුණු 131ක හඹා යාමට ගත් ආරම්භක උත්සාහයම අසීරු කරමින් ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු 41ක් තුළ හරවා ප්‍රේක්ෂකාගාරය වෙත යැවීමට ඉන්දීය පන්දු යවන්නන් ප්‍රභල විය.

එහිදී මහේල ජයවර්ධන ලකුණු 24ක් රැස් කළේය, සංගක්කාර සහ තිසර පෙර්රා 5වන කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 32ක් පමණක් භාවිත කරමිනි.

තිසර පෙරේරා පන්දු 14කදි හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 23ක් රැස්කළ අතර, සංගක්කාර නොදැවී ලකුණු 52ක් රැස් කළේය.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩයම පන්දු වාර 17යි පන්දු5ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දවා ගනිමින් මෙරට කුළුඳුල් 20-20 ලෝක කුසලානය දිනා ගත්තේය.

මෙම තරඟයේ ඉතාමත් ආකර්ෂණීයම අවස්ථාව වූයේ තිසර පෙරේරා හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා පිලේ ජය කොඩි එසවීමයි.

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පරිචයක් නිමා කරමින් එම සුවිශේෂී තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ජාත්‍යන්තර 20-20 පිටියෙන් සමුගත්හ.

Loading

බංගලීන් අභියෝගක් උනාද.. ජයග්‍රහණය සුරතේ රඳවාගෙන “ධනා” කියූ කතාව.!

බංගලීන් අභියෝගක් උනාද.. ජයග්‍රහණය සුරතේ රඳවාගෙන “ධනා” කියූ කතාව.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් තරග සංචාරයකට පසුව ඊයේ (04) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් යලි මෙරටට පැමිණියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ ඩකා නුවර සිට මෙරට ගුවන් සේවයේ UL – 190 දරන යානයෙන් පස්වරු 04.45 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත වාර්තා කළ බව සදහන් වේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය තරඟ 02 ට 0 ක් ලෙස හා විස්සයි විස්ස තරගාවලිය තරග 02 – 01 ක් ලෙස ජය ගැනීමට ද සමත් වූ අතර එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සංචාරක තරඟාවලීන් හිදී එම රටේ කණ්ඩායම සමග කරට කර ගැටීම අභියෝගාත්මක උවත් , ශ්‍රී ලංකා කණ්ඩායම නිවැරදි දේ නිවැරදි වෙලාවට කිරීම හේතුවෙන් මෙම තරගාවලිය ජයග්‍රහණය කර ගැනීමට හැකි වූ බවයි.

එසේම ඉදිරියේදී සැලසුම් වී ඇති එංගලන්ත තරග සංචාරය සාර්ථකව ජයග්‍රහණය කර ගැනීම සදහා ඉදිරි සැළසුම් සකස් කරමින් පුහුණුවීම් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවා.

Loading

කමිඳු මෙන්ඩිස් ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට සැරසෙයි.!

කමිඳු මෙන්ඩිස් ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට සැරසෙයි.!

ICC වෙබ් අඩවිය නිල වශයෙන් සඳහන් කර ඇති ආකාරයට මෙරට නවක සුපිරි ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාමයෝජනා අතරට තම නාමය ඇතුලත් කරගෙන ඇත.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු කැපීපෙනෙන දක්ෂතාවයන් රැසක් ප්‍රදර්ශනය කළේය.

එම තරඟාවලියේදී කමිඳු පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ අතර දෙවන තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 92ක් ලබාගැනීමට සමත්විය.

එසේම පන්දුවෙන් ද දස්කම් පෑ ඔහු ලකුණු 32ක් තුළ ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලීමට කටයුතු කළේය.

ඔහුගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශයට සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ මෙන්ම තරඟයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට කමිඳු වාසනාවන්ත විය.

ඔහුට අමතරව අයර්ලන්ත ක්‍රීඩක Mark Adair සහ නවසීලන්ත ක්‍රීඩක Matt Henry ද මෙම නාමයෝජනා අතරට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.

Loading

ඉන්දීය සුපිරි ක්‍රීඩකයාට ක්‍රීඩාලෝලීන් “හූ” කියයි.!

ඉන්දීය සුපිරි ක්‍රීඩකයාට ක්‍රීඩාලෝලීන් “හූ” කියයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන හර්දික් පාන්ඩ්‍යට දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතියි.

තුන් ඉරියව් ක්‍රිඩකයෙක් වන පාන්ඩ්‍යා පසුගිය 2021 වසර දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කළ අතර 2022 සහ 2023 වසර වලදී ගුජරාට් ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

නැවතත් ඔහු 2024 තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වූ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රෝහිත් ශර්මා ඉවත් කරමින් නායකයා ලෙස එක්විය.

කෙසේ වෙතත් රෝහිත් ශර්මා ඉවත් කර ගත් තීරණයට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩාලෝලීන් දැඩි අකමැත්තක් දක්වන අතර ඔවුන් සිය තරහ පිරිමසා ගැනීමට හර්දික් පාන්ඩ්‍යාට “හූ” කීමට කටයුතු කර ඇත.

මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අහමදාබාද්, හයිද්‍රාබාද් සහ මුම්බායි හිදී තරග සඳහා සහභාගී වු අතර එම තරග තුනේදීම පාන්ඩ්‍යාට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close