Why is this happening (Sinhala)

කොටි ත්‍රස්තවාදය අතුගා දැමූ මෙරට හමුදාව දැන් දෙකට බෙදී යුද්ධ කරනවා.!

කොටි ත්‍රස්තවාදය අතුගා දැමූ මෙරට හමුදාව දැන් දෙකට බෙදී යුද්ධ කරනවා.!

අතීතයේ එකාවන්ව කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළ ශ්‍රී ලංකා හමුදාව අද වන විට යුක්රේනෙ හා රුසියා හමුදාවේ කුලී හේවායින් ලෙස දෙපිළ බෙදී සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

‘මෙරට හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිස් රුසියාවේ කෑම්ප් හෙල්පර් විදිහට රැගෙන යනවා, නමුත් ඇත්තටම කරන්නෙ අරං ගිහින් රුසියා – යුක්‍රේන යුද්ධයට දානවා.

මේ විදිහට ලංකාවෙන් පිටත්ව ගිය විශ්‍රාමික හමුදා නිළධාරියෙක් වන කුසන්ත ගුණතිලක කියන පුද්ගලයා අද වෙන තෙක් අතුරුදන්.

ඔහු ඉන්දියානු සමාගමක් හරහා තමයි විදේශ ගතවී තිබෙන්නේ, මේ විදිහට තවත් විශාල පිරිසක් රුසියා – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී ඇති බව තොරතුරු අණාවරනය වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකාවෙ එකම හමුදාවේ සිටි පිරිස් අද රුසියාව යුක්‍රේනය ලෙස දෙපැත්තටම බෙදිල යුද්ධ කරනවා.

අපේ විශ්‍රාමික සෙබළුන්ට ප්‍රමාණවත් ආර්ථිකයක් නැති නිසා තමයි මෙහෙම තීරණ ගන්නේ, මේක බොහොම අවාසනාවන්ත තත්වයක්.

මොකද අද ලංකාවේ හමුදාව දෙපැත්තට බෙදිලා දෙපැත්තේ ඉඳන් ගහ ගන්නවා. අතීතයේ අපි එකතුවෙලා ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළා.

අද ශ්‍රී ලංකා හමුදාව රටවල් දෙකකට බෙදිලා අපේ අය අපිටම ගහ ගන්නවා.

Loading

අවලෝකිතේෂ්වරට විශේෂ රාජ්‍ය  සහතිකයක් නිකුත් කරයි.!

අවලෝකිතේෂ්වරට විශේෂ රාජ්‍ය සහතිකයක් නිකුත් කරයි.!

පසුගිය වකවානුව පුරා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටිමින් අවධානය දිනාගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් සහතික කොට තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඒ බව මානසික වෛද්‍ය විශේෂඥයින් විසින් අධිකරණය හමුවට වාර්තාවක් මගින් කරුණු දක්වා තිබුණි.

එම වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර එම දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ජුනි මස 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.

Loading

දින තුනක් තිස්සේ සෙවූ සිරීපාදෙන් පැන්න තරුණයා අත්භූත ලෙස රාජමලෙන් මතුවෙයි.!

දින තුනක් තිස්සේ සෙවූ සිරීපාදෙන් පැන්න තරුණයා අත්භූත ලෙස රාජමලෙන් මතුවෙයි.!

මීට දින කිහිපයකට ඉහතදී සිරීපාද උඩමළුවෙන් බිමට පනිනා තරුණයෙකුගේ CCTV දර්ශන වල පටිගතවූ වීඩියෝ පටයක් අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් ප්‍රචලිත විය.

එම තරුණයා සොයා පොලිස් විශේෂ කාර්‍ය බලකාය දින 3ක් මෙහෙයුම් සිදුකරනා පසුබිමක ඔහු අද (24) උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු වතු කම්කරුවන් පිරිසක් දැක තිබේ.

පසුව එම පිරිස විසින් එම තරුණයා නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී තිබේ.

තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාදයෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නම් අවුරුදු 33ක් වයසැති සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය විසින් එම තරුණයා මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

Loading

කංසා ළඟ තබා ගැනීම මත මෙරට ප්‍රවීණ මහාචාර්යවරයෙක් අත්අඩංගුවට.!

කංසා ළඟ තබා ගැනීම මත මෙරට ප්‍රවීණ මහාචාර්යවරයෙක් අත්අඩංගුවට.!

කංසා පිළිබඳ පර්යේෂණ සිදු කරන මහාචාර්ය වසන්ත සේනා වැලියන්ග මහතා ලුණුගම්වෙහෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත, ඒ කංසා වගා කිරීම, ළඟ තබා ගැනීම සහ කංසා ප්‍රවර්ධනය කිරීම යන චෝදනා යටතේය.

මහාචාර්යවරයා රණවර්ණාව ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන ඉකුත් 20 වැනිදා එම නිවස තුළ කංසා ආශ්‍රිතව කරන ලද නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි. එම ප්‍රදර්ශනය නැරඹීමට ගිය ලුණුගම්වෙහෙර පොලිසියේ නිලධාරීන් විසින් එහිදී මහාචාර්යවරයා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අප්‍රේල් මස 20 වැනිදාට යෙදී තිබූ කංසා දිනය වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර ඊට ලොව දියුණු රටවල්වල කංසා ආශ්‍රිතව නිෂ්පාදනය කොට ඇති නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට තබා තිබූ බව පොලිසිය පැවසීය. ඒ අතර කංසා ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද පාන වර්ග හතරක්, කංසා අඩංගු වයින් බෝතල් කිහිපයක්, කංසා අඩංගු ශක්තිජනක පානයක්, කංසා අඩංගු අයිස් තේ පානයක් තිබී ඇත.

ඊට අමතරව කංසා කෙඳි වලින් සාදන ලද රෙදි පිළි, කංසා විසිතුරු භාණ්ඩ, කංසා පටක යොදා නිමැවූ ලද යට ඇඳුම්, ගමන් මලු මෙන්ම සුවඳ විලවුන් , ආලේපන වර්ග ඇතුළත් කංසා ආශ්‍රිත නිෂ්පාදන 268ක ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තබා ඇත.

එමෙන්ම මහාචාර්යවරයා විසින් කංසා සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ තොරතුරු මෙන්ම ග්‍රන්ථ හා ලිපි ද ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබිණි.

කෙසේ වෙතත් කංසා වගා කිරීම හෝ ළඟ තබා ගැනීම සහ කංසා ප්‍රවර්ධනය කිරීම මෙරට නීතියට අනුව වරෆ්හක් බැවින් මහාචාර්යවරයා අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය ස්ථානාධිපති චින්තක වික්‍රමරත්න පැවසීය. තවද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර කංසා ග්‍රෑම් අටක් සහ කංසා සුරුට්ටු කිහිපයක්ද ඇති බව පොලීසිය පවසයි.

Loading

මෙරට ක්‍රිකට් තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් මහාධිකරණ අධිචෝදනා.!

මෙරට ක්‍රිකට් තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් මහාධිකරණ අධිචෝදනා.!

ශ්‍රී ලංකාවේ පැවති “ලෙජන්ඩ්ස් ක්‍රිකට් ත්‍රොපි, 2024” ක්‍රිකට් තරගාවලියේදී සිදුවී ඇතැයි කියනා තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් එම තරඟාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිපතිවරයා මේ බව දැනුම්දී ඇති බව සඳහන්.

අදාළ ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු ඉන්දීය ජාතිකයෙකු බව වැඩිදුරටත් සඳහන්.

Loading

මැතිවරණ අපේක්ෂකයෙක් හරක් හොරු ලැයිස්තුවේ / හරක් හොරෙක් මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ.!

මැතිවරණ අපේක්ෂකයෙක් හරක් හොරු ලැයිස්තුවේ / හරක් හොරෙක් මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ.!

පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ
පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයේදී මී ගව සොරකමේ ආ පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු, මස් ප්‍රවාහනට යොදාගත් වාහන හතරක්ද සමඟ අත්අඩංගුවට හෙන ඇති බවයි.

මෙහිදී ගව සොරකම වෙනුවෙන් අත්අඩංගුවට පත්ව සිටින පළාත් පාලන අපෙක්ෂකයා, පසුගිය පළාත් පාලන මැතිවරණයයේදී ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත්ව වත්මන් කොට්ඨාස සංවිධායකයකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු බවයි පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර සඳහන් කළේ.

අදාළ සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහත් පනස් පහත් අතර වයසේ පසුවන්නන් බවත්, එම දීර්ඝ කාලීනව පොළොන්නරුව ප්‍රදේශයේ ගවයන් සොරකමේ නිරත වූවන් පිරිසක් බවත්, එසේ පැහැරගත් ගවයින් මස්කරමින් රාත්‍රී කාලයේ බස් රථවල කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන හෝටල් රැසකට ප්‍රවාහනය කළ පිරිසක් බවද හෙළි වී ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

Loading

ජනක සහ බිම්බාගේ අතිශය පෞද්ගලික දර්ශන සමාජගත කළ යූ ටියුබ් නාලිකාවකට රුපියල් බිලියනක වන්දි නඩුවක්.!

ජනක සහ බිම්බාගේ අතිශය පෞද්ගලික දර්ශන සමාජගත කළ යූ ටියුබ් නාලිකාවකට රුපියල් බිලියනක වන්දි නඩුවක්.!

තමන් සිය පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ බිම්බා නමැති තරුණිය සමඟ පැවැති අතිශය පෞද්ගලික හා රහසිගත සබඳතාවලට අදාළ වීඩියෝ දර්ශන මීමැස්සෝ ටී.වී. නම් වූ යූටියුබ් නාලිකාව ඔස්සේ හෝ කවිශ්වර ගුණරත්න නමැත්තා විසින් පවත්වාගෙනු ලබන වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව වාර්තා වේ.

මීමැස්සෝ ටී.වී. නැමැති යූටියුබ් නාලිකාව ඔස්සේ එම පෞද්ගලික දර්ශන මේ වනවිටත් අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බැවින් ඉන් තමන්ගේ කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් පෙර කී වග උත්තරකරුවන් දෙදෙනාගෙන් රුපියල් බිලියනය බැගින් වූ වන්දි මුදලක් සහ අදාළ නඩු ගාස්තු අයකර ගැනීමට තීන්දුවක් නිකුත් කරන ලෙසත් නීතිඥ ජී.ජී. අරුල් ප්‍රකාසම් මහතා නමට ගොනු කර ඇති බව පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

තවද මෙම නඩුවේ තීරණය ලැබෙනා තෙක් පෙත්සමේ සඳහන් කර ඇති වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම තෙවන පාර්ශ්වයකට ලබාදීම වළක්වමින් වග උත්තරකාර කවීෂ්වර ගුණරත්න හා ගයාත්‍රී බිම්බා වෙත කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (18දා) වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

වග උත්තරකරුවන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි යැවීමට ද දිසා විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළ බව වාර්තා වේ.

Loading

කොස්තාපල් ගේ තුළට දමා දොරවසා රූගත කළ නිවෙස් හිමියෙක් අත්අඩංගුවට.!

කොස්තාපල් ගේ තුළට දමා දොරවසා රූගත කළ නිවෙස් හිමියෙක් අත්අඩංගුවට.!

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති ගෘහස්ථ හිංසනය සම්බන්ධ නඩුවක සිතාසි පත්‍රයක් භාරදීම සඳහා පානදුර ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදි නිවසේ හිමිකරු අදාල පොලිස් නිළධාරියා නිවස තුලට දමා දොරවසා රෑගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41 ක පුද්ගලයෙක් වන අතර අදාල සැකකරුගේ බිරිඳට පහර දීම සම්බන්ධයෙන් පවතින ගෘහස්ථ හිංසන නඩුවක සිතාසිය භාරදීම සඳහා එම කොස්තාපල් වරයා නිවසට ගිය අවස්ථාවේදී සැකකරු කොස්තාපල් වරයා සමඟ බහින්බස් වී ඔහුව නිවස තුළ ඇද දමා සිරකර ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුව කොස්තාපල්වරයා සිය ජංගම දුරකථනයෙන් පානදුර දකුණ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමගම එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන කොස්තාපල්වරයා මුදාගෙන ඇත. 

සැකකරු කොස්තාපල් නිවසේ තුළ රඳවාගෙන සිටි අවස්ථාවේදී ජංගම දුරකථනයෙන් පටිගත කළ දර්ශන ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Loading

වසර 05ක් පුරා දියණිය අඹුකමෙහි තබාගත් පියා අත්අඩංගුවේ.!

වසර 05ක් පුරා දියණිය අඹුකමෙහි තබාගත් පියා අත්අඩංගුවේ.!

බිරිඳ මිය යෑමෙන් පසු තම බාලවයස්කාර වැඩිමහල් දියණිය අඹුකමෙහි තබාගනිමින් ජීවත් වූ පියෙකු ඉංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වසර 6කට පෙර ඔහුගේ විවාහක බිරිඳ මියගොස් ඇති බවත් ඉන් පසු එවකට 17 වන වියේ පසුවූ ඔහුගේ වැඩිමහල් දියණිය මෙම තැනැත්තා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් ඉන්පසු මේ දක්වා ගතවූ වසර 5ක කාලය පුරාවට වරින් වර අදාළ සැකකරු විසින් එම දියණිය අපයෝජනය කර ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එම අපයෝජනයට ලක්ව ඇති දියනියට අමතරව සැකකරුට තවත් දියණියන් දෙදෙනෙකු සිටිනා අතර ඉන් දෙවැනි දියණියවද ඔහු විසින් ලිංගික අතවරයට ලක් කිරීමට උත්සාහ දරා ඇති බවත් එය දැකීමෙන් කම්පනයට පත් වැඩිහල් දියණිය සියදිවි නසා ගැනීමටද උත්සාහා දරා ඇතැයිද පොලීසිය පවසයි.

දෙවන දියණියට අතරවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාල සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක්ද පවතින අතර එම නඩුවටද පෙනී නොසිටිමින් සැකකරු පොලීසිය සහ අධිකරණය මගහරිමින් සිට ඇති බව වාර්තා වේ.

සැකකරුගේ බාලම දියණියක් ආබාධිත තත්ත්වයේ පසුවන අතර ඇය රැක බලා ගැනීමට නොහැකි බව පවසමින් සැකකරු විසින් එම දියණිය ඔහුගේ මියගිය බිරිඳගේ සොහොයුරෙකුගේ නිවසට ගෙනත් දමා ගොස් ඇති බවත් පසුව එම නිවසේ හිමිකරු සැකකරුගේ දියණියන් තිදෙනාද සමගින් ඉංගිරිය පොලීසිය වෙත පැමිණ අදාල සිද්ධිය පවසා තිබෙනවා. 

ඒ අනුව ආබාධිත දියණිය වැඩිහිටි ආබාධිත රැකවරණ මධ්‍යස්ථානයකට බාරදීමට කටයුතු කිරීමට ඉංගිරිය පොලීසිය කටයුතු කර ඇති අතර සිදුකල විමර්ශනයක් අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ (16) අත්අඩංගුවට පත්වූ අදාළ සැකකරු දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටම අවශ්‍යව සිටි අපරාධකරුවෙකු බව පොලීසිය පවසයි.

Loading

පාර්ලිමේන්තුව ඇතුලේ ගුටි කෙළි.. ආණ්ඩු පක්ෂයට විපක්ෂයෙන් සඳ ගුටි.!

පාර්ලිමේන්තුව ඇතුලේ ගුටි කෙළි.. ආණ්ඩු පක්ෂයට විපක්ෂයෙන් සඳ ගුටි.!

ජෝර්ජියාවේ පාර්ලිමේන්තු සභාව තුළ ඇතිවූ ගැටුම්කාරී තත්වයක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත..

එම ගැටුමට හේතුව ලෙස මාධ්‍ය වාර්තා කර තිබුනේ පාලක පක්ෂය සහ විපක්ෂය අතර මතභේදයකට හේතු වී ඇති ජෝර්ජියාවේ විදෙස් සංවිධානවලට දැඩි සීමා පනවන ෆොරීන් ඒජන්ට්ස් නීතියයි.

ඒ සම්බන්ධයෙන් ඇතිවූ විවාදයක් අතරතුර මෙම තත්ත්වය හටගෙන තිබේ, එම වීඩියෝවේ දැක්වෙන්නේ ජෝර්ජියාවේ පාලක ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහර දෙන ආකාරයයි.

එම සිදුවීමත් සමඟ විපක්ෂ කණ්ඩායම සහ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර දරුණු ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව් සඳහන්.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close