මහ බැංකුවෙන් දැනුම්දීමක්.!

මාර්තු මාසයේ 62.05%ක් ලෙස පැවති නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පසුගිය අප්‍රේල් මාසයේදී 42%ක් ලෙස පසුබෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව එම මාසය තුළදී නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උපදර්ශක පහළ වැටීමෙහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දර්ශයක පහත වැටී ඇති බව මහ බැංකුව සදහන් කරයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් අප්‍රේල් මාසයේදී කර්මාන්ත ශාලා බොහොමයක් තාවකාලිකව වසා දැමීම බලපා ඇති අතර දීර්ඝ නිවාඩු දින හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අප්‍රේල් මාසයේදී වැඩි වේගයකින් ඉහළ ගොස් ඇති බවද සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමත් සමඟ මූල්‍ය සේවා උප අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය වී ඇති අතර උත්සව සමයේ පැවති ඉල්ලුම මධ්‍යයේ තොග සහ සිල්ලර වෙළෙඳාම උප අංශයේ ව්‍යාපාරවල ක්‍රියාකාරකම්වල සැලකිය යුතු ප්‍රගතියක් ඇති බව සඳහන් කරයි.

තවද සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 56.7%ක් ලෙස මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement