ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ආදායම තවදුරටත් අඩු වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පසුගිය (31) වැනිදා නිකුත් කළ පෙබරවාරි මාසයට අදාල විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන වාර්තාවේ මේ බව සඳහන් වේ.
2022 වසරේ පෙබරවාරි මස ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක්ව තිබූ අතර 2023 වසරේ පෙබරවාරි මස එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී ඇති බවද එහි සදහන් වේ.
2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟළුම් අපනයනයන්හි ඩොලර් මිලියන 1012.5ක් උපයාගෙන ඇති බවත් 2023 වසරේ මුල් මාස දෙකේදී සියයට 15.5%කින් අඩු වී ඇති බවද එහි සදහන් වේ.