By unusuma.lk on
(LK time)අති විශේෂ ගැසට් නිවේදනයක් හරහා ශ්රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්රාම වැටුප අහෝසි කර ඇත.
ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්රාම වැටුප අහෝසි වනු ඇත.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම ගැසට් නිවේදනය අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකු විශ්රාම වැටුපට හිමිකම් කියනු නොලැබේ.
එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුක් කර තිබෙන්නේ ශ්රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාරය නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුවයි.
මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට එය නැවත ක්රියාක්මක කෙරුණි.