ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පවත්වන සාකච්ඡා කඩාකප්පල් කිරීම චීනය විසින් සිදුකරන බව අමෙරිකානු තානාපතිනිය කරන ලද ප්‍රකාශය හෙළා දකින බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
අමෙරිකානු තානාපතිනිය ඒ ආකාරයේ පදනම් විරහිත චෝදනා එල්ල කිරිමට සහ දේශන පැවැත්වීමට පෙර (IMF) තීරණයන් පිළිබඳව විශාලතම බලය පවතින්නේ අමෙරිකා මත බවද ඇය වටහා ගත යුතු බවද චීන තානාපති කාර්යාලය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ කවුරුන්ද යන්න අමෙරිකානු තානාපතිනිය තමාගෙන් විමසා ගත යුතු බවද චීන තානාපති කාර්යාලය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටවූ වහාම අධිකරණයට ගියේ කවුරුන්ද යන්න විමසිය යුතු බවද චීන තානාපති කාර්යාලය සදහන් කරයි.