චීනයේ බීජිං අගනුවර රෝහලක හදිසියේම ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගින්නෙන් මියගිය පුද්ගලයින්ට අමතර තවත් පුද්ගලයින් 70 ක් පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ රෝහල්වල ගිනි ගැනීමේ සිදුවීම් වාර්තාවීම අතීශය දුර්ලභ බවත් එම ගිනිගැනීම පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද චීන බලධාරීන් සඳහන් කරයි.