චාල්ස් රජු වසර 260ක් පැරැණි රත්තරන් කරත්තෙන් රජ ගමනට සුදානම්.!

වසර 1,000ක පැරැණි රාජකීය සම්ප්‍රදාය අගයමින් පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා යොදාගන්නා අශ්ව කරත්තය සම්බන්ධයෙන් බකිංහැම් මන්දිරය ප්‍රකාශයක් සිදුකර ඇත.

රාජාභිෂේක උත්සවය සඳහා චාල්ස් රජු සහ රැජින පැමිණීමට නියමිතව ඇත්තේ වසර 260ක් පැරැණි රනින් කළ අශ්ව කරත්තයෙන් වන අතර එය ඇදගෙන යාමට අශ්වයින් 8 දෙනෙකු අවශ්‍ය වේ.

රාජභිෂේකයෙන් අනතුරුව නව රජු සහ රැජින මෙම රාජකීය අශ්ව කරත්තයෙන් ගමන් ගන්නා බවත් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන මැයි මස 06 වනදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් බකිංහැම් මන්දිරය ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

රාජාභිෂේකය ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානය තුළ පැවැත්වීමට නියමිත අතර රාජකීය යුවළ රැගෙන යාම සඳහා යොදාගැනීමට නියමිතව ඇත්තේ දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීයත්වයේ 60 වැනි සමරුවේදී යොදාගත් දියමන්ති ජුබිලි අශ්ව කරත්තය වේ.

උත්සවයෙන් පසුව ආපසු චාල්ස් රජු සහ කැමිලා රැජින බකිංහැම් මන්දිරය වෙත පැමිණීමට නියමිතව ඇත්තේ කිලෝ මීටර් 7.2ක් තරම් දිගු මාර්ගයක් ඔස්සේ බවත් ඒ සදහා යොදා ගන්නේ වසර 261ක් පැරැණි රනින් කළ අශ්ව කරත්තයකි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close