නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කරයි.
රට මේ වනවිට බංකොලොත් භාවයට පත්වන බවත් එයින් රට මුදා ගැනීමට මෙලෙස නව පක්ෂයක් නිර්මාණය කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
එක්සත් ජනරජ පෙරමුණ ලෙස එම නව පක්ෂය නම් කර ඇති බවද බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් මන්ත්‍රීවරයා සදහන් කරයි.
මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් සදහන් කළේ,
“ලබන මැයි මාසයේ නව දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා. මොකද මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න. කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවුල් උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තියන්නට ඕනේ.
ඒ වගේම පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම යල්පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට. නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් ඕනේ. ඒක අපි මැයි මාසයේදී එළිදක්වනවා. එකේ නම එක්සත් ජනරජ පෙරමුණ.”