ලෝකයේ තරුණ පර්යේෂකයින් සඳහා වූ සම්මානයක් සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර නිර්දේශ වී ඇත.
තරුණ පර්යේෂකයින් සඳහා වූ සම්මානයට එම ක්ෂේත්‍රයේ දක්ෂතා දක්වන විද්‍යාඥයින් හය දෙනෙකුගේ නම් නිර්දේශ කර ඇති අතර ඉන් 05 දෙනෙක්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් වේ.
BSI Early Career Research Excellence Award හි ජයග්‍රාහකයාව අප්‍රේල් 20 වනදා නම් කිරීමට නියමිත බව ප්‍රතිශක්තිකරණවේදය සඳහා වූ බ්‍රිතාන්‍ය සමාජය සදහන් කරයි.
“ප්‍රතිශක්තිකරණවේදය සඳහා වූ බ්‍රිතාන්‍ය සමාජය” විසින් මෙම සම්මාන ප්‍රධානය සිදුකරයි.