රෝගීන් මියයාමේ පරීක්ෂණ වාර්තාව සති තුනකින්.!

පසුගියදා රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාව සති 03 කින් පමණ ලබාදීමට බලාපොරොත්තුවන බව කමිටු සමාජික වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සදහන් කරයි.

අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාම පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පත්කළ කමිටුව අද (18) දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කරන බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සදහන් කරයි.

නිර්වින්දන ඖෂධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාමත් උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක් මියයාම දැඩි ආන්දෝලනයකට ලක්විය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close