අද (20) දිනයේදී අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දැමූ චන්ද්‍රිකාවක් පෘථිවියට කඩාවැටීමට නියමිත බව නාසා ආයතනය අනාවරණය කරයි.
රාත්තල් 600ක බරින් යුතු රෙසී චන්ද්‍රිකාව අද උදෑසන 7.00ට පමණ පෘථිවි කක්ෂය වෙත ඇතුළු වීමට නියමිත අතර එය ගිනි ගෙන දැවීමෙන් පසු එහි කොටස් පෘථිවියට පතිත වීමේ ඉඩකඩක් ඇතැයි ද සදහන් කරයි.
එහෙත් අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන අත්හැර දැමූ චන්ද්‍රිකාව කඩාවැටෙන නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැති බවද සදහන් කරයි.