අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් සහල් කෑ කුකුළන් මියයයි.!

රජය විසින් දිවයින පුරා අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

එම සහල් රිදීගම පානගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ගෙන ගොස් එයින් කොටසක් කුකුළන්ට ලබාදී ඇති අතර ඒවා ආහාරයට ගැනිමෙන් පසු කුකුළන් සිහිසුන්ව වැටී පසුව මියගොස් ඇති බව ඔහු මහජන සෞඛ්‍ය නිලධාරීන්ට පැමිණිලි කර ඇත.

අනතුරුව මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ රස පරීක්ෂණ වාර්තාවක් කැඳවන ලෙසයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement