වසරකට දරුවන් විශාල පිරිසක් බරපතළ අපරාධවලට ගොඳුරු වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර සදහන් කළාය.
දරුවන් 3500ක් පමණ බරපතළ අපරාධවලට ගොඳුරු වන බවත් දරුවන් 1,500ක් පමණ සුළු අපරාධවලට ගොඳුරු වන බවද නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර සදහන් කළාය.
මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දරුවන් විවිධ හිංසනවලට ගොඳුරු වන බවත් දරුවන් එම තත්ත්වයෙන් මුදවා ගැනීම දුෂ්කර වී ඇති බවද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සදහන් කරයි.
ඒ වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය එක්වී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටීන බවද සදහන් කරයි.
Tik tok සමාජ්‍ය මාද්ද්‍යය හරහා ලොකූ විවපතක් සාමාජයට සිදු වෙනවා, මිනිස්සු live ඇවිත් කියන දෙවල් අහන් ඉන්න බැරි තරම්, ඒ පිලිබදව දැඩි අවදානයක් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා