වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්.. දරුවන් ගැන මීට වඩා හිතන්න.!

දරුවන් විශාල සංඛ්‍යාවක් දෛනිකව ලබාගන්නා ආහාරවල ලුණු, සීනි හා තෙල් අන්තර්ගත ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට ගොඳුරු වෙමින් පවතින බව වෛද්‍යවරු සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සදහන් කළේ,

“අපේ ආහාරවල අඩංගු වෙලා තියෙනවා වස වර්ග තුනක්. අපි හැමදාම ගන්න ආහාර වර්ග තුනක්. මේක අපි ඕනවාට වඩා ගත්තහම අපිට ඒක විසක් වෙනවා. එකක් තමා සීනි. සීනි කියන එක අපේ රටේ ජනගහණය එක්ක බැලුවොත් එක්කෙනෙක් භාවිත කරන්න ඕනේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක් සීනි භාවිත කරනවා.

තෙල් ගත්තහම ඒකත් එහෙමයි. අපි පොල්කිරි වලින් කෑම උයනවා. නවීන තෙල් වර්ගවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමා ලුණු. අපේ රටේ ජනගහණය එක්ක භාවිත කරන ලුණු ටොන් ගණන බැලුවොත් ඉතාම අධිකයි. සාමාන්‍යයෙන් දිනකට ලුණු ග්‍රෑම් 5ක් වගේ එක පුද්ගලයෙක් භාවිත කරන්න ඕනේ.

නමුත් බලන්න දෙන්නෙක් ඉන්න ගෙදරකට ලුණු පැකට් කීයක් අරන් යනවා ද? ශ්‍රී ලංකාවේ අපි තෙල්, ලුණු හා සීනි භාවිතය ඉතා අධිකයි. අපිට හැදෙන රෝගවලට වඩා රෝග හදාගන්න පාදක වෙලා තියෙනවා.”

තවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කළේ,

“දියවැඩියාව තියෙන දරුවෝ 100ක් විතර වසරකට වාර්තා වෙනවා. අපි ඉගෙන ගන්න කාලේ හරි අමාරුයි දියවැඩියාව තියෙන දරුවෙක් හොයාගන්න අපිට ඉගෙන ගන්න. දැන් එහෙම නෑ. අධික රුධිර පීඩනය තියෙන දරුවෝ වාර්තා වෙනවා. වෙන හේතු නෑ. සමහර වෙලාවට අපේ ලුණු භාවිතය වැඩි නිසා වෙන්න ඇති කියලා අපි හිතනවා. ඒවා වස.

තෙල්, ලුණු, සීනි කියන ජාති තුන පුංචි කාලේ ඉඳලා හඳුන්වා දෙන්න එපා. අවුරුදු 2ක් යන කල් මව්කිරි දෙන්න. වැඩිපුර ලුණු දෙන්න එපා මාස 10 – 12ක් යනකල්. මොකද දරුවාගේ වකුගඩු වර්ධනය වෙලා නෑ. අනිත් එක සීනි හඳුන්වා දෙන්න එපා අවුරුදු 2ක් යනකල්. පුංචි කාලේ සීනි රස පුරුදු කරාම ඒ අයට සීනි ඕන වෙනවා. ඒවා නැතිව කෑම පුරුදු කරන්න. එහෙම පුරුදු කරපු දරුවාට ජීවිත කාලෙම ඒවා ඕන වෙන්නේ නෑ.

ලුණු නිසා එන්න පුළුවන් වකුගඩු රෝග සහ අධික රුධිර පීඩනය අවම කරගන්න පුළුවන්. සීනි නිසා එන්න පුළුවන් දියවැඩියාව අවම කරගන්න පුළුවන්. තරබාරුව වගේ දේවල්වලටත් මේක එක හේතුවක්. පුංචි කාලේ දරුවාව සීනි, ලුණු හඳුන්වා දීම පහුකරන්න..”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close