දරුවන්ගේ ජීවිත අනතුරේ.. දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්.!

දරුවන්ට එන්නත් ලබාදීමට දෙමාපියන් මැළි වුවහොත් පෝලියෝ, පිටගැස්ම සහ කක්කල් කැස්ස සඳහා වාට්ටු නැවත විවෘත කිරීමට සිදුවිය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

කිසිදු අවස්ථාවක මිථ්‍යා මත වලට නොවරැවටෙන ලෙසත් නියමිත වයසේදී දරුවන්ට ප්‍රතිජීවක එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙසද සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

දරුවන්ට එම ප්‍රතිජීවක එන්නත් ලබා නොදීම හේතුවෙන් වෙනත් රෝගවලට ගොදුරු විය හැකි බවත් එය ඉතාම අනතුරුදායක තත්ත්වයක් බවත් දෙමාපියන්ට එය තේරුම් ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

එම්.එම්.ආර්. එන්නත දරුවන්ට ලබාදීමෙන් දරුවා ඔටිසම් රෝගයට ගොදුරු වනු ඇතැයි දෙමාපියන්ට වැරදි මිත්‍යා මතයක් තිබෙන බැවින් ළමා එන්නත් සම්බන්ධව විවිධ අදහස් වලට නොරැවටෙන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

දෙමාපියන් රුබෙල්ලා එන්නත ලබාදීමෙන් වැළකී සිටීමෙන් තම දරුවන් සංජානනීය රුබෙල්ලා සින්ඩ්‍රෝමය (CRS) වලට ගොදුරු කර ඇති බවත් එමගින් ගබ්සාවීම්, මළ දරු උපත්, සහ ඇසේ සුද, අන්ධභාවය සංජානනීය හෘද රෝග බිහිරිභාවය සහ මානසික දුර්වලතා වැනි දරුණු ආබාධවලට ගොදුරු විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close