By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබාදීමට සහතික වන බව ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා පැවසීය.
එම හමුවේදී අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව තානාපතිවරයා සිය හෘදයාංගම සුබ පැතුම් එක් කළ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවත්, ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් තානාපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම මෙරට තුළ මේ වනවිට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල වැදගත්කම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා සහාය දැක්වීමට චීන සංවර්ධන බැංකුව (CDB) සහ EXIM බැංකුවේ ක්‍රියාකාරී මැදිහත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී තානාපතිවරයා විසින් සිහිපත් කළ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ප්‍රධාන වාණිජ සහ ද්විපාර්ශ්වික ණය ලබා දෙන්නන් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහාය ලබාදෙන බවට ද තානාපතිවරයා සහතික විය.