By unusuma.lk on
(LK time)මෝටර් රථයක පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් භාරයට ගත් ටි 56 ගිනි අවිය ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීම සදහා යොදාගත් අනෙක් ගිනි අවිය බවට සැක කරන බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සදහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගත් ගත් ටි 56 ගිනි අවිය ක්ලබ් වසන්ත ඝාතනයේ අනෙක් ගිනි අවිය යැයි සැක හැර දැනගැනීම සදහා ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේ මුල්ල සංජීවගේ ගෝලයකු වන ගම්පහ පැටි මංජුගේ සහෝදරයකු වන දැනට විදේශගතව සිටින කදමුල්ල ආරච්චිගේ දිනේෂ් වසන්ත යන අයගේ සමීපතමයකු බව පොලිසිය සදහන් කරයි.