ඝාතනයට ලක්වු ක්ලබ් වසන්තගේ පැටිකිරිය මෙන්න.!

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර නාදුනන දෙදෙනෙක් පැමිණ සිදුකළ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත සහ ඔහුගේ ආරක්ෂකයා මිය ගියේය.

කෝටිපති ව්‍යාපාරිකයෙකු යැයි කියන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා තොරතුරු පිරික්සීම් වැඩි වශයෙන් සිදුවන බව මේ වනවිට පෙනෙන්නට ඇත.

රටේ විවිධ සමාජ සත්ත්‍රියා කරන අයෙකු ලෙස සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් උසුලන අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 06කට ආසන්න අනුගාමිකයන් පිරිසක් ද සිටීයි.

නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි “සන්හිල්” නම් හෝටලයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සිය ව්‍යාපාර දිවිය ආරම්භ කර ඇති අතර ඔහු කොළඹ ඇතුළු නගර කිහිපයකම හෝටල් සහ කැරකෝ සමාජ ශාලා හිමිකරුවෙකු ලෙස 1990 දශකයේ සිට මේ දක්වා ප්‍රසිද්ධියක් උසුලයි.

පසුගිය 2019 වසරේදී ඩුබායි හිදී මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වූ සිදුවීමෙන් පසුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මෙරට ජනතාව අතර වඩාත් කතා බහට ලක්වූ චරිතයක් විය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ මිතුරෙකු ලෙසින් සැලකුණු ක්ලබ් වසන්ත ඩුබායිහි දී පැවැති, මාකඳුරේ මදූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට පත් වූ සාදයට සහභාගි නොවීමට කටයුතු කළේය.

ඒ සම්බන්ධයෙන් ක්ලබ් වසන්ත සදහන් කළේ, තමා එම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සාදයට සහභාගි නොවූයේ තමාගේ බිරිඳගේ නැගණියගේ විවාහය හේතුවෙන් බවත් ඩුබායි ගමන තමාව බේරපු එකක් බවයි.

කෙසේ වෙතත් මීට දෙවසරකට පමණ පෙර නැවතත් ක්ලබ් වසන්ත පැළඳි රත්තරන් පාට සපත්තුවක් ගැන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකරන ලද පොස්ටුවකින් අනතුරුව යළිත් කරලියට පැමිණි අතර එම පෝස්ටුවට උණුසුම් ප්‍රතිචාර හිමිවිය.

සිය රන් සපත්තුව ගැන ක්ලබ් වසන්ත කමෙන්ටුවක් පළ කර තිබුණ අතර එහිදී සදහන් කර තිබුණේ “ඇත්තටම එහෙම ලොකුකමකට දැම්මා නෙවෙයි. දකින්න නොලැබෙන දෙයක් නිසා දැම්මේ. ලොකු කමකට දානවා නම් හිතන්න බැරි දේවල් මට දාන්න පුළුවන්.”

මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳගේ ගමන් මල්ලේ තිබී රිවෝලර්වරයක් සොයාගත් බවත් එය ලියාපදිංචිකර ඇති ද යන්න සොයා බැලීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

මීට පෙර ද පසුගිය 2017 වසරේ එම ස්ථානයේදී සැලුන් එකක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහිදී ද මෙවැනිම වෙඩි තැබීමක් සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව තවදුරටත් සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close