By unusuma.lk on
(LK time)සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කොළඹදී පෙරේද (30) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ, මෙරට කූට ආනයන කරුවන් කිහිප දෙනෙකු කෘතිමට පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳ පොළට මේ වසරේදී නිකුත් කර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය සමාජ සමූල ඝාතනයකට යටත් වන මහා මිනීමැරුමක් බවයි.
මෙම විෂ තෙල් ආනයනය කළ පුද්ගලයන්ට එරෙහිව පොල් සංවර්ධන අධිකාරිය පාරිභෝගික අධිකාරිය සහ සෞඛ්‍ය අධිකාරිය වහාම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනා ලෙසත් ඔහු ඉල්ලා සිටී.
එමෙන්ම පැවති රජය විසින් රසායනිකව පිරිපහදු කරන ලද ආනයනික කෘතිම තෙල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා වැට් බද්දෙන් නිදහස් කර දේශීය පොල්තෙල්කරුවන්ගේ පොල්තෙල් කිලෝවකට රජය රුපියල් 160 ක වැටි බද්දක් අය කිරීමේ ඇති අසාධාරණ සම්බන්ධයෙන්ද බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු නව රජයෙන් ඉල්ලා සිටියේ, දුෂිත ආනයනකරුවන්ට ලබාදී ඇති බදු සහන වහාම ඉවත් කර පෙර තිබූ රුපියල් 350ක බද්ද නැවත ස්ථාපනය කර දේශීය ස්වභාවික පොල්තෙල් කර්මාන්ත නිපැයුම් වැටි බන්දෙන් නිදහස් කරන ලෙසයි.
පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය,
“ස්වභාවික නාමය හරහා ගෙන්වන මෙම තෙල් තැන්පත් කරන්නේ කොළඹ රජයේ ටැංකි කිහිපයක. තෙල් ජාවාරම්කරුවන්ට එක්තරා දේශපාලඥයකුත් සම්බන්ධයි. විකෘති තෙල් ආනයනය සම්බන්ධයෙන් මේ ජාවාරම්කරුවන්ට නඩු කීපයකුත් තියෙනවා”